මිනිසාගේ සැඟවුණු සතුරා වන සාතන් (Satan, the hidden enemy of man)


ස්වර්ගයේ සිටම සාතන් මිනිසාගේ පරම සතුරෙකි. එම වෛරය ආරම්භ වන්නේ ආදම් තුමාව මැවීමෙන් පසුවය. ආදම් තුමාව මුලින්ම මවන ලද්දේ මැටි වලින්ය. එහෙත් සාතන්ව මවා තිබුනේ ගින්නෙන් ය. මේ හේතුවෙන් සාතන් ආදම් තුමාට වඩා උසස් යැයි සිතා සිටියේය. එසේ තිබියදී අල්ලාහ්, ආදම් තුමාට ගෞරවයක් වශයෙන් ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස දේවදුත්යින් හට නියෝග කළේය. එම නියෝගය සාතන් හැර අනෙකුත් සියලුම දෙවදුතයින් ඉටු කළහ. එම අවස්ථාවේදී අල්ලාහ්, සාතන්ගෙන්,  "මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි ප්‍රශ්න කළේය. එවිට ඔහු පිළිතුරු වශයෙන්, 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය.

සාතන් දැක්වූ උඩඟු කම් හේතුවෙන්, "(අහෝ ඉබ්ලීස්) මෙම (සවර්ගයෙන්) නුඹ බැස යනු, උඩඟුකම පෙන්වීමට මෙය තැන නොවේ. එහෙයින් පිටවනු, නියතව නුඹ නිචත්වයට පත්වූවන්ගෙන් කෙනෙකු වන්නෙහි" යැයි දන්වන ලදී. එම අවස්ථාවේදී සාතන් විනිශ්චය දිනයේදී ඔවුන්ව නැගිටවනු ලබන දිනය තෙක් ජිවත් වීමට අවකාශ ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ඔහුට පිරිනමන ලදී. එම වරම දිනාගත් සාතන් මෙවැනි ප්‍රතිනඥාවක් සිදු කළේය. "නුඹ මාව නොමගෙහි යැවු හේතුවෙන් ඔවුනට එරෙහිව නුඹගේ ඍජු මාර්ගයෙහි මා හිඳ ගනිමි. පසුව ඔවුන්ගේ ඉදිරිපසින්ද පිටුපසින්ද, ඔවුන්ගේ දකුණු පසින්ද වම් පසින්ද ඔවුන් හමුවට පැමිණෙන්නෙමි, එවිට ඔවුන්ගෙන් වැඩිදෙනෙකුව ස්තුතිවන්තයින් ලෙස නුඹ නොදකින්නේහි යැ'යි පැවසිය".

ආදම් තුමා හට ස්වර්ගයේදී මෙසේ අවවාද කොට තිබුනේය. "ඕ: ආදම්! නුඹද නුඹගේ බිරියද මෙම ස්වර්ගයෙහි වාසය කරමින් කැමති දෙයක් අනුභව කරනු; එහෙත් නුඹලා දෙදෙනාම මෙම ගසට ලං නොවනු. එසේ කලේ නම් නුඹලා අපරාදකරුවන්ගෙන් කෙනෙක් වන්නේය". එසේ අවවාද කොට තිබියදීත් සාතන් ඔවුන් දෙදෙනා වෙත ගොස්, "නුඹලා දේවදුතයින් දෙදෙනෙකු ලෙස නැත්නම් ස්ථිරව සිටිනු මිස නුඹගේ සමිදුන් නුඹව මින් වැළැක්වුයේ නැතැ'යි පැවසිය. තවද "නියත වශයෙන්ම මම නුඹලා දෙදෙනාටම අවංක උපදෙස් ලබා දෙන්නෙකු වෙමියි දිව්රා කිවේය" එහෙත් සාතන් ආදම් තුමාටත් ඔහුගේ බිරියටත් සතුරෙක් බව මෙසේ දැනුම් දී තිබුනේය. "ඕ:ආදම්! 'නියතවශයෙන්ම මොහු නුඹටද, නුඹගේ බිරියටද සතුරෙක් වන්නේය. එබැවින්, ඔහු නුඹලා දෙදෙනාව මෙම ස්වර්ගයෙන් පිටමං කිරීමට ඉඩ නොතබනු. එසේ වුයේ නම් නුඹ අභාග්‍යයවන්තයෙකු වනු ඇතැ'යි අපි පැවසුවෙමු" කෙසේ වෙතත් සාතන්ගේ අවැසි බස් වලට රැවටුණු ආදම් හව්වා යුවල දෙවියන් තහනම් කරන ලද ගෙඩි අනුභව කලෝය. 

මේ හේතුවෙන් ඔවුන්ට අවවාද කොට ස්වර්ගයෙන් පිටමන් කරන ලදී. "පසුව (සාතන්) එම දෙදෙනාවම රවටා ගත්තේය. ඒ අනුව ඔවුන් එම ගසෙහි (ගෙඩි) රස විඳින විට එම දෙදෙනාගේම රහසංග එම දෙදෙනාටම හෙළි විය. (එවිට) ඔවුන් දෙදෙනා ස්වර්ගයේ කොළවලින් ඔවුන්ව වසා ගැනීමට උත්සාහ කළහ. (එවිට) ඔවුන්ගේ සමිඳුන් ඔවුන්ගෙන්, 'නුඹලා දෙදෙනාටම මෙම ගස කෙරෙන් මා වැලැක්වූයේ නැද්ද? තවද සාතන් නියත වශයෙන්ම නුඹලාගේ සතුරා බව මා පැවසුවේ නැද්දැ'යි පැවසුවේය" "නින්දාවට පත්කරනු ලැබුවෙකු ලෙසත් ශාප කරනු ලැබුවෙකු ලෙසත් මෙතැනින් පිට වනු. ඔවුන්ගෙන් කවරෙකු හෝ නුඹව පිලිබදිනවා නම් නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන්ගෙන් නිරය පුරවන්නෙමි"

කෙසේ වෙතත් ආදම් තුමා තමන් කල වරදට සමාව අයද සිටියේය. "අපගේ සමිඳුනි! අපි අපටම අපරාද කර ගත්තෙමු. නුඹ අප කෙරෙහි ක්‍ෂමා කර, අප වෙත කරුණා නොකළේ නම් අප පාඩු වන්නන්ගෙන් වුවෝ වෙමු'යි කීවෝය"

ලෞකික ජිවිතයේදී අත්විඳීමට සිදුවන දේවල් පිලිබඳ අවවාද කොට ආදම් තුමාව මෙලොවට පිටමන් කරන ලදී. "(මෙතනින්) බසිනු, නුඹලාගෙන් සමහරු (තවත්) සමහරුන්ට සතුරන් වන්නෝය. නුඹලාට පොළොවෙහි නියමිත කාලයක් දක්වා වාසය කිරීමටත් ආස්වාදයක් ලෙසත් පත් කොට ඇත්තෙමු. (තවද) නුඹලා එහි වාසය කරන්නෝය. නුඹලා එහි මිය යන්නෝය. එහි සිටම නුම්බළාව නැවත නැගිටවනු ලබන්නෝය". "ආදම්ගේ දරුවනි! නුඹලාගේ රහසිගත පෙදෙස වැසීම පිණිසද අලංකාරයක් ලෙසද වස්ත්‍ර පහළ කර ඇත්තෙමු. එහෙත් තක්වා (හෙවත් බිය බැති කම) නමැති වස්ත්‍රය වඩාත් ශ්‍රේෂ්ට වේ. මේවා ඔවුන් උපදෙස් ලැබීම පිණිස අල්ලාහ්ගෙන් ලැබුණු වැකි වේ" තවද "ආදම්ගේ දරුවනි, සාතන් නුඹලාගේ දෙමව්පියන් දෙදෙනාගේ රහසිගත පෙදෙස් පෙන්වීම පිණිස ඔවුන්ගේ වස්ත්‍ර ඉවත් කොට ඔවුන්ව සවර්ගයෙන් පිටමං කල ආකාරයට නුඹලාවද ව්‍යාකුලත්වයෙහි නොගිල්විය යුතුය. නියත වශයෙන්ම නුඹලා නුදුටුවත් ඔහුද ඔහුගේ කණ්ඩායමද නුඹලාව බලමින් සිටිති. නියත වශයෙන්ම අපි විශ්වාස නොකරන්නන්ට සතාන්ව මිතුරන් කර ඇත්තෙමු" (කුරානය 7: 12-27).

සාතන් ගැන දැනුවත් කොට තිබෙන නිසා ඔහු මිනිසාගේ පරම සතුරෙකු බව නොදන්නා කෙනෙක් නැති තරම් ය. එසේ තිබියදීත් බොහෝ අය සාතන්ගේ උපක්‍රමවලට ගොදුරු වෙති. මෙතරම් දෙයක් සාතන්ට කල හැකි වන්නේ ඔහුට ලැබී ඇති ඇතැම් වරප්ප්‍රසාද නිසාය. මිනිසාට බොහෝ විට සාතන්ව දැකිය නොහැක. නමුත් සාතන් මිනිසාව දකින්නේය. එපමනක් නොව සමහර විට සාතන් මිනිසාගේ ශරීරය තුලට ද ඇතුළු වී අනෙක් පුද්ගලයින් ගැන විස්තර කියන්නේය. මෙය ඇතැම් අය දන්කින්නේ පෙර බවය ගැන කියවීමක් ලෙසය.

සාතන් ගැන දැනුවත් කර ත්බියද්ත් බොහෝ අය ගමන් කරන්නේ සාතන්ගේ අඩිපාරේ ය. එහෙත් සාතන් ඔවුන්ට විනිශ්හය දිනයේදී ද ද්‍රෝහී වන්නේය. "විනිශ්චය දෙනු ලැබූ කල, (සාතන් මෙසේ පවසනු ඇත) 'නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සත්‍ය පොරොන්දුවක් දුන්නේය. මමද නුඹලාට පොරොන්දුවක් දුන්නෙමි; එහෙත් මම නුඹලාට ද්‍රෝහී වුයෙමි. මට කල හැකි වුයේ ඔබලාව ඇරයුම් කිරීමට මිස වෙනත් කිසිවක් සඳහා බලයක් තිබුනේ නැත, එහෙත් නුඹලා මට ප්‍රතිචාර දැක්වූයේය. එම නිසා මට දොස් නොකියනු, ඒ වෙනුවට නුඹලා, නුඹලාට ම දොස් පවරාගනු. මට දැන් නුඹලා වෙනුවෙන් උදව් කල නොහැකිය. ඔබලාටද මා වෙනුවෙන් උදව් කල නොහැකිය. නුඹලා මිට ඉහතදී මාව අල්ලාහ් සමග සම කිරීම මා ප්‍රතික්ෂේප කරමි. ඇත්ත වශයෙන්ම වැරදිකරුවන්ට හිංසාකාරී වේදනාවක්ම ඇත" (කුරානය 14:22).

ආදම් තුමාට මනු ලොවට පැමිණීමට මං පෑදුවේ සාතන් ය. මනු ලොවේදීත් සාතන් ගේ උගුල් වලට හසු වුයේ නම් කලින්ට වඩා විශාල ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වන බව අමතක නොකල යුතුය. 

By Fasy Ajward. B.Sc(PhysicsSpecial) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path





Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

සහජීවනය (coexistence)