මිනිසාව මවා ඇත්තේ කුමක් සඳහා ද? (What was man created for?)
අල්ලාහ් දෙවිඳුන් විසින් මිනිසාව මැවූ බව සෑම ප්‍රධාන අගමකම සඳහන් වී ඇත. එසේ තිබියදී ඇතැමුන් සිතන්නේ මිනිසා ඇතුළු සියලුම දේවල් ස්වභාවිකව ඇතිවූ බවයි. එය සත්‍යයක් නම් මිනිසා කිසිවෙකුට වග කිව යුතු නැත. ඒ අනුව ඔහුට සිතෙන ඕනෑම දෙයක් කිරීමේ නිදසස ලැබෙන්නේය. තවද මරණයක් ගැන බය විය යුතු නැත. එහෙත් එය කිසිසේත්ම සිදු විය හැකි දෙයක් නොවන බව බුද්ධිමතුන්ට වැටහෙනු ඇත.
මිනිසා සවහාවයෙන් නිර්මාණය වුයේ යැයි කීවත් එය පිළිගත හැකි දෙයක් නොවේ. ඇයිද යත් මිනිසා ඇතුළු විශ්වය ඉතා සංකීර්ණ මැවීමක් නිසාය. එවැනි දෙයක් කිසිසේත්ම ඉබේ ඇති විය නොහැක. ඒ සඳහා ඥානාන්විත මැවුම්කරුවෙකුගේ මැදිහත්වීමක් අත්‍යාවශ්‍ය බව ඕනෑම කෙනෙකුට වැටහිය යුතුය. ඇයිද යත් ඉදිකට්ටක් පවා ඉබේ ඇති නොවන්නේය. ඒ සඳහා විශාල කාර්ය භාරයක් අවශ්‍ය වේ. එසේම එය හේතුවක් නොමැතිව නිර්මාණය කොට නැත. එසේ නම් අතිශයින්ම සංකීර්ණ මිනිසාව අරමුණක් නොමැතිව නිර්මාණය කරනු ලබයිද?
සෑම උපකරණයක් සමගම එය භාවිතා කරන අකාරය පෙන්වා දෙන අත්පොතක් නිකුත් කරන්නේය. මිනිසාගේ ආරම්භයේ සිටම එවැනි මග පෙන්වීමක් සිදු වී තිබේ. එවැනි මග පෙන්වීම් විශාල සංඛ්‍යාවක් මෙලොවට පහල වී ඇතත් අද අප අතර ඇති අවසාන සහ සම්පුර්ණ කරන ලද මග පෙන්වීම වන්නේ අල් කුරානයයි.
අල් කුරානයේ සඳහන් වන පරිදි මිනිසාව මැවීමට යාමේදී අල්ලාහ් දේවදුතයින්ව අමතා, "නියත වශයෙන්ම මම පොළොවෙහි පරම්පරාවක් ඇති කරන්නට යන්නෙමි'යි පැවසූ කල, අපි නුඹගේ කිර්තිය ප්‍රසංශා කරමින්ද නුඹව සුවිශුද්ධ කරමින්ද සිටියදී, එහි කලහ ඇති කර, ලේ හලන්නන්ව මවන්නට යන්නෙහි දැ'යි විමසුහ. (එවිට) ඔහු 'නුඹලා නොදන්නා සියලු දෑ ගැන නියත වශයෙන්ම මම හොඳින් දනිමි"යි පැවසුවේය" (කුරානය 2:30). "ඇත්ත වශයෙන්ම අපි මිනිසාව ලස්සන හැඩයෙන් මැව්වෙමු" (කුරානය 95:4). "තවද, ඔහු ආදම්ට සියලු නාමයන් ඉගැන්වූයේය" (කුරානය 2:31).
මෙම ලෝකය නිර්මාණය කොට තිබෙන්නේ මිනිසා වෙනුවෙන්ය. පහත දැක්වෙන කුර්ආන් වැකියේ ඒ බව සඳහන් වේ. "ඔහුම පොළොවෙහි ඇති සියලුම දේවල් නුඹලා වෙනුවෙන් මැව්වේය" (කුරානය 2:29). එසේ තිබියදී මිනිසාව මවා තිබෙන්නේ අල්ලාහ්ට නැමදීමට සඳහාය. "මා ජින්වරුන්ව සහ මිනිසුන්ව, මාව නැමදුම් කිරීමට මිස මැව්වේ නැත" (කුරානය 51:56).
මිනිසා මිනිසා ගැනම සිතා බලන්නේ නම් ඔහුට මැවීම් කරුවෙකු සිටිය යුතු බව තේරුම් ගැනීම අපහසු දෙයක් නොවේ. මිනිසා ආරම්භ වන්නේ ඇසට නොපෙනෙන තරම් කුඩා ශුරානුවකිනි. එම ශුකානුව තුල මිනිසා පිලිබඳ සියලු තොරතුරු ඇතුලත් වී ඇත. එවැනි දෙයක් කිසිසේත්ම ඉබේ සිදු විය නොහැකිය. ඇයිද යත් ඒවා සියල්ලම පොත්වල ලියන්නේ නම් පුස්තකාලයක් පිරවිය හැකි තරම් පොත් අවශ්‍ය බව විද්‍යාඥයින් පවසන නිසාය.
මිනිසා නිර්මාණය වන්නේ මව් කුස තුල ඝන අඳුරේ ය. ඒ සඳහා මවගේ මැදිහත් ඍජු මැදිහත් වීමක් සිදු වන්නේ නැත. එහෙත් මිනිසා ඉතා අලංකාර රුපයෙන් නිර්මාණය වේ. එහි ඇති විශේෂත්වය වන්නේ මිනිසා මනු ලොවට බිහි වූ පසු අවශ්‍ය වන සෑම අවයවයක් සමගම නිර්මාණය සිදු වීමයි. එවැනි දෙයක් ඉබේ සිදු විය හැකිද?
අල් කුරානයට අනුව මරණයෙන් පසු සෑම ආත්මයකටම නැවත ඉපදීමක් ඇත. ඔවුන් සියල්ලන්ගෙන්ම මනු ජීවිතය ගත කල අකාරය ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ අනුව ලෞකික ජීවිතය අල්ලාහ් නියම කල ආකාරයට ගත කල සියලු දෙනාටම නිමක් නැති ස්වර්ග්සය ලැබීමට නියමිතය. එහෙත් තම ආශාවන් ඔස්සේ ජිවත් වූ අයට නිරය ලැබීමට නියමිතය.
By Fasy Ajward. B.Sc(PhysicsSpecial)Hons,Japura.
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:-thetrue_path
Comments
Post a Comment