දුප්පත් වීමේ සැඟවුණු ආශිර්වාද (The hidden blessings of being poor)

 



කෙනෙක් දුප්පත් වීමත් පොහොසත් වීමත් දෛවය (fate) අනුව සිදු වන්නකි. මේ නිසා සෑම කෙනෙක්ම කොතරම් උත්සාහ කලත් කෝටිපතියන් වන්නේ නැත. එසේම සෑම කෙනෙකුම දුප්පත් වන්නේද නැත. කෙසේ වෙතත්, කෙනෙක් හම්බ කිරීමට ගන්නා උත්සාහයේ ස්වභාවය අනුව, කුසල් හෝ අකුසල් රැස්කර ගන්නේය. 

සුලෛමාන් නබිතුමා හැර අනෙකුත් සෑම නබිවරයෙකුම දුප්පත් අය වුහ. ඔවුන් රැකියාව ලෙස තෝරාගනු ලැබුවේ එළුවන් ඇති කිරීමය. ඔවුන් සියලු දෙනාම එම රැකියාව ඉතා ඕනෑකමින් සිදු කල අතර, ඔවුන්ට එය ආශීර්වාදයක් විය. නබිවරුන්ගේ එකම අරමුණ වුයේ අල්ලාහ්ගේ ඒකීයත්වය තුල ජීවත්වෙමින් එය ජනතාව අතර ගෙන යාම ය. නබිතුමා වරක් උහද් කන්ද දෙස බලා, "මෙම කන්ද රත්‍රන් බවට පරිවර්තනය වුවත් ඉන් එක් දිනාරයක් හැර අනෙක්ව මා සමග දින තුනකට වඩා තිබීම මා ප්‍රිය නොකරමි. එම දිනාරයත් මා නය ගෙවීම සඳහා තබා ගනිමි"යි කිවේය.

කෙනෙකුට අධික ලෙස ධනය ලැබීම වරදක් නොවුනත් ධනය ලැබෙන විට බොහෝ අය දහමින් ඈත්වන්නේය. එය මිනිස් සිත් තුල කුහක කම, ඉරිසියාව සහ එකිනෙකා අතර සතුරුකම් ඇතිවීමට හේතුවක් වන්නේය. ලෝකයේ පවතින බොහෝ ප්‍රශ්න වලට මුලික වශයෙන් බලපාන්නේ ධනයට ඇති කෑදර කම වේ. 

ඉස්ලාම් දහමින් ධනවතුන්ට zසකාත් බද්ද පැනවීමෙන් මිනිසුන් අතර බැඳීමක් ඇතිකිරීමට හේතුවක් වේ.  z සකාත් බද්ද ඉස්ලාම් දහමේ තුන්වන අනිවාර්ය කුළුණ වේ. කුරානයේ සලාතය (නැමදුම) ගැන සඳහන් වන සෑම තැනම zසකාත් (දිළිඳු බද්ද) ගැන සඳහන් වන්නේ ය. මෙම බද්ද පැනවීමෙන් මිනිසුන් අතර තිබෙන ඇති-නැති පරතරය තුනී වීමට හේතුවක් වේ. 

නබිතුමා සෑම විටම දුප්පත්කම අගය කළේය. එම නිසා ඔහු, අල්ලාහ්ගෙන් මෙසේ ප්‍රාර්ථනා කළේය. "යා අල්ලාහ් මාව දුප්පත් මිනිසෙකු වශයෙන් ජිවත් වීම සඳහා ඉඩ සලසා දෙනු, දුප්පතෙකු ලෙසම මිය යාමට ඉඩ සලසා දෙනු, නැවත මාව මළවුන්ගෙන් නැගිට වීමේදී දුප්පතුන් සමගම නැගිටවනු" එම ප්‍රාර්ථනාවට සවන් දුන් අයිෂා රලි තුමිය ඊට හේතුව කුමක්දැයි නබිතුමාගෙන් ප්‍රශ්න කළාය. ඊට පිළිතුරු වශෙයෙන් නබි තුමා, දුප්පතුන්, ධනවතුන්ට වඩා වසර 500කට පෙර ස්වර්ගයට යන බව පැවසුවේය. නබිතුමා මෙසේද පැවසුවේය. "ආයිෂා කිසිම දුප්පතෙකුව හිස් අතින් හරාව නොයවනු, එක් රට ඉඳි ගෙඩියක් වුවත් කමක් නැත" තවද  "ඕ අයිෂා, දුප්පතුන්ට ආදරය කරන්න, ඔවුන්ට ඔබ වෙත එන්න දෙන්න.  එවිට අල්ලාහ් විනිශ්චය දිනයේදී ඔබව ඔහු වෙත ලං කර ගනු ඇත" (තිර්මිසි, ඉබ්නු මාජා). 

ඉස්ලාම් දහම සෑම විටම දුප්පතුන් ගැන අවධානය යොමු කොට තිබේ. මේ නිසා උපවාස මාසය අවසාන වනවාත් සමග, ඊදුල් ෆිතර් උත්සවයට පෙර, දුප්පත් ජනතා වෙනුවෙන් ධාන්‍ය වලින් උදව් කරන ලෙස නබිතුමා නියම කළේය. එම ක්‍රියාව තුලින්, දුගී ජනතාවට එම උත්සවය සැමරීමට මහඟු අවස්තාවක් ලැබෙන්නේය. 

නබිතුමා එක් අවස්ථාවකදී මෙසේ පවසා ඇත. "වැන්දඹු කාන්තාවන් සහ දුප්පතුන් වෙනුවෙන් උදව් උපකාර කිරීම සඳහා වෙර දැරීම අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමට සමාන ලෙස මා දකිමි. තවද ඔහුව මා දකින්නේ විවේකයක් නොගෙන අල්ලාහ්ට නමදින කෙනෙක් ලෙසත්, නොනවත්වා උපවාස කරන කෙනෙක් ලෙසත් යැයි කිවේය" (බුහාරි සහ මුස්ලිම්). 

නබිතුමා දුගී ජනතාවටත් ඉතා අලංකාර උපදේශයන් ලබා දී තිබේ. ඔවුන්ට නබිතුමා පැවසුවේ, තමන්ට වඩා ඉහලින් සිටින අය දෙස නොබලා තමන්ට වඩා පහලින් සිටින අය දෙස බලා අල්ලාහ්ට ස්තුති කරන ලෙසය. "යම් කෙනෙකුට අල්ලාහ් ශරීර ශක්තියත් ධනයත් ලබා දී ඇති විට ඔහු කල යුත්තේ ඔහුට වඩා තවත් ඉහලින් සිටින අය දෙස බැලීම වෙනුවට, තමන්ට වඩා පහලින් සිටින අය දෙස බැලීම යි. එසේ නොකරන්නේ නම් ඔහු අල්ලාහ් දී ඇති දේවල් වලින් සෑහීමට පත් නොවූ කෙනෙකු බවට පත් වන්නේය" (මුස්ලිම්). 

දුගී කම ආශීර්වාදයක් වන්නේ නබිතුමා පවසා ඇති මෙම හදිසය නිසාය. "මා ස්වර්ගය දෙස එබී බැලුවෙමි, මට දැක ගත හැකි වුයේ එහි සිටින අති බහුතරය දුප්පතුන් බවයි, තවද අධික ලෙස ධනය තිබුණු බොහෝ අයව නිරයට යන කණ්ඩායම සමග පිටත් කොට හරින බව දුටුවෙමි" (බුහාරි සහ මුස්ලිම්). 

එසේ තිබියදී බොහෝ දෙනාගේ එකම පැතුම ලෞකික ජීවිතයේදී උපරිම වශයෙන් හම්බ කොට සතුටින් ගත කිරීමය. එහෙත් මරණින් මතු ජීවිතය ගැන බලන්නේ අහඹුවක් ලෙසය. එහෙත් කෙනෙකුට ඉතිරිවන්නේ තමන් කුමන තරාතිරමක සිටියත් කරන කුසල් පමණක් බව තේරුම් ගත යුතුය.

By Fasy Ajward.B.Sc(Physics Special)Hons, Japura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

සහජීවනය (coexistence)